යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටී.
වයස අවුරුදු දහතුනට අඩු දරුවන්ට දැනටමත් WhatsApp පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීමට අවසර නැත.
එහෙත් දත්තවල පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ලබන මැයි මාසයේ නව විධිවිධාන ක්‍රියාවට නැගීමට පෙර සිය නීති සංශෝධනය කිරීමට 'වට්ස්ඇප්' ජාලය සූදානම් වෙයි.
එහෙත් යුරෝපය හැර ලොව පුරා සියලු රටවල් සම්බන්ධයෙන් අවුරුදු 13 වයස් සීමාව සංශෝධනය කිරීමේ සැලසුමක් නැත.
ප්‍රචණ්ඩත්වයට වගකිව යුත්තේ සමාජ ජාල නොවේ - ඇමෙරිකාව
ෆේස්බුක් දත්ත අපහරණය: "සමාවෙන්න"
වට්ස්ඇප්, ෆේස්බුක් සමාගම සතු ජනප්‍රිය ක්ෂණික පණිවුඩ හුවමාරු ජාලයකි.
ඉදිරි සති කීපය තුළ නව කොන්දේසි හඳුන්වා දෙන විට සිය වයස තහවුරු කරන මෙන් ග්‍රාහකයන්ට දැනුම්දීම WhatsApp ජාලයේ සැලසුම වී ඇත.
Image copyrightUS CONGRESS
Image caption
දත්ත අපහරණය ගැන ෆේස්බුක් සමාගමේ ප්‍රධානියා පසුගියදා සමාව ඉල්ලා සිටියේය
එහෙත් නව වයස් සීමාව ක්‍රියාත්මක කරන්නේ කෙලෙස ද යන්න ප්‍රකාශයට පත්කර නැත.
වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ.
2017 දී නිකුත් කෙරුණු වාර්තාවක් ප්‍රකාර, බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය ජාල භාවිත කරන වයස 12ත් 15ත් අතර දරුවන් අතරින් තුනෙන් එකක් පමණම වට්ස්ඇප් ජාලයේ ග්‍රාහකයෝය.
BBC Sinhala ෆේස්බුක් පිටුවට පිවිසෙන්න
නව විධිවිධාන හඳුන්වා දීමත් සමගම වට්ස්ඇප් ජාලය විසින් තමන් සම්බන්ධයෙන් රැස් කර තිබෙන දත්ත බාගත කිරීමට සිය ග්‍රාහකයන්ට අවස්ථාව සැලසෙන අතර, කිසියම් ග්‍රාහකයෙක් භාවිත කරන දුරකථනයේ වර්ගය, ඔහුගේ/ඇයගේ දුරකථනයේ ඇතුළත් දුරකථන අංක, ඔහු/ඇය විසින් තහනම් කර තිබෙන දුරකථන අංක වැනි දත්ත එයට ඇතුළත් වේ.
මේ අතර යුරෝපා සංගමයේ නව විධිවිධාන සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම අනුගමනය කරන්නේ වෙනත් ක්‍රමවේදයකි.
සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි.
එවැනි අනුමැතියක් නොලැබෙන්නේ නම් ඔවුන්ට ෆේස්බුක් ජාලයේ තමන්ගේම වූ පූර්ණ පිටුවක් පරිශීලනය කිරීමේ අවස්ථාව හිමි නොවනු ඇත.
තවත් වාර්තා:
ෆේස්බුක් සතු ඔබේ දත්ත ආරක්ෂිතද?
ෆේස්බුක් සමාගමෙන් ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්
සමාජ ජාල: "වෛරී ප්‍රකාශ වැළැක්වීමට නව නීති ගෙන එනවා"
සමාජ මාධ්‍ය ජාල පුවත්වලින් වැඩි හරියක් බොරු- ජනාධිපති
සබැඳි විෂයයන්
උපුටාගැනීමකි-sinhala BBC
උපුටාගැනීමකි-sinhala BBC